අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරමින් පළමු පදවි ප්‍රාප්තිය සමරනවා-අමාත්‍ය දුමින්ද දිසානායක

    දෙසැම්බර් 30, 2015

    පළමු පදවි ප්‍රාප්තිය සමරන්නේ මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරමින්.ජනවාරි 08 ලබාදුන් බොහෝ පොරොන්දු රජය විසින් ඉටුකොට තිබෙනවා.ඒ නිසා වෛරී දේශපාලනය අතහැර, ප්‍රතිපත්තිමය දේශපාලනයට එන්න යැයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

     

    2015 ජනවරි 08 වැනිදා රටේ ඓතිහාසික වෙනසක් සිදු වුණා. සමස්ත රටේ ජනතාව රටේ රාජ්‍ය නායකයා තෝරාගත් මැතිවරණය.මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා ලෙස පත් වුණා.ජනවරි අට දින සිදු කළ නිහඬ විප්ලවයේ ප්‍රතිලාභ අද ජනතාවට ලැබෙමින් තිබෙනවා.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තමන් සතු බලය රටේ ජනතාවට හා පාර්ලිමේන්තුවට ලබාදුන් නයකයා බවට පත් වුණා.

     

    පසුගිය රජය සිදු වූ වැරදි, අඩුපාඩුකම් දින 100 රජය කලයේ අඩු නතර කළා.අගෝස්තු 17 මැතිවරණයෙන් ප්‍රධාන පක්ෂ දෙක වන එ.ජා.ප. හෝ ශ්‍රී.ල.නි.ප යට තනිව ආණ්ඩුවක් පිහිටුවන්න බලය ලැබුණේ නෑ. ඔලුගෙඩි වෙනස් කර ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රධාන පක්ෂ දෙකට හැකි වුවත් ජාතික ආණ්ඩුවක් පිළිබඳව ජනතාවට ලබාදී තිබූ පොරොන්දුව ඉටු කරමින් ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ආණ්ඩුවක් පිහිටුවා ගත්තා.

     

    මේ ජාතික ආණ්ඩුව තුළ ප්‍රධාන පක්ෂ දෙක, මුස්ලිම් පක්ෂ සියල්ලගේම මතවාදය ආරක්ෂා කරමින් අනන්‍යතාව ආරක්ෂා කරමින් කටයුතු කර තිබෙනවා.මීට පෙර එවැන්නක් සිදු ව නෑ.

     

    මෙවර අය වැය මෑත යුගයේ වැඩිම සංශෝධන සිදු කළ අයවැයයි. එය හොඳයි කියන්න පුළුවන්. කාරකසභා අවස්ථාව තිබෙන්නේ සංශෝධන ඉදිරිපත් කරන්නයි.රටේ ජනතාවගේ අවශ්‍යතාවන්ට ඇහුම්කම් දීලා,සකස් කළ අයවැයක්. මේ ජාතික ආණ්ඩුවේ වෙනස එයයි.

     

    මේ රටේ තිබූ පුරුද්දක් තමයි අලුත් ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවට පසු පරාජිත පාර්ශවය කකුලෙන් අදින එක.මේ රට
    සංවර්ධනය කරා යන අලුත් ගමනක් ආරම්භ කළා.කකුලෙන් අදිනවා වෙනුවට මේ ගමනට ශක්තියක් ලබදෙන්න ඕන.මේ
    රටේ අනාගත පරපුර වෙනුවෙන් වැරදි නිවැරදි කරගත යුතුයි.ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි.ඒ නිසා ප්‍රධාන දේශපාලන
    පක්ෂවල වගකීම වන්නේ රට නිවැරදි තැනකට ගෙන ඒමයි.

     

    නිහඩව සියල්ල දෙස බලන්න,මේ රට අලුත් ගමනක් ද යන්නේ කියලා. බුද්ධිමත්ව බලලා තීන්දුවක් ගන්න ඕන.වැරදි
    දේශපාලන සංස්කෘතිය, සමහර කණ්ඩායම් හා පුද්ගලයන් තවමත් අනුගමනය කරනවා.

     

    ජනවාරි 01 සිට අප පළමු පදවි ප්‍රාප්තිය සමරනවා. අප පළමු පදවි ප්‍රාප්තිය සමරන්නේ මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු
    ඉටුකරමින්. ජනවාරි 08 ලබාදුන් බොහෝ පොරොන්දු රජය විසින් ඉටුකොට තිබෙනවා. ඒ නිසා වෛරී දේශපාලනාය අතහැර
    ප්‍රතිපත්තිමය දේශපාලනයට එන්න. ඒ සඳහා රටේ පුරවැසියන්ට සිදු කිරීමට ලොකු පංගුවක් තිබෙනවා. ඒ කොටස රට
    වෙනුවෙන් ඉටු කරන්නැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya