රටේ ඒකීයභාවය රැකිමට හැකි ලෙස ශක්තිමත් ව්‍යවස්ථාවක් අපි සැකසිය යුතුයි. ජනාධිපතිතුමා බලය අතහැරිමට ගත් නිර්ලෝභී තීන්දුවට අපි ගරු කරනවා යැයි ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
සරළ ගොවි නායකයෙක් රජ ගෙදරට ආවේ ශ්‍රි ල .නි. ප යෙන් පළමුවරටයි. අපි ජනතාවාදී ජනාධිපතිවරයෙක් බිහි කළා යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
උතුරේ හෝ දකුණේ අන්තවාදයක් ගොඩනඟන්නට කිසිවකු හෝ සිතනවා නම් එය ඔවුන් රට වෙනුවෙන් සිදු කරන විශාල ද්‍රෝහිකමක් බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අද (03) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.
ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණ අඳහස් දැක්වීම අගය කරනවා.මේ රටේ ජනතාව, ජනවාරි අටවැනිදා අභ්‍යාවකාශගතකර තිබූජනධිපතිධූරය,විධායක බලය පාර්ලිමේන්තුගත කිරීමේ ජයග්‍රහණයක් ලෙස සළකන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.