මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපි ජනතාවාදී ජනාධිපතිවරයෙක් බිහි කළා-අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න

    දෙසැම්බර් 03, 2015

    සරළ ගොවි නායකයෙක් රජ ගෙදරට ආවේ ශ්‍රි ල .නි. ප යෙන් පළමුවරටයි. අපි ජනතාවාදී ජනාධිපතිවරයෙක් බිහි කළා යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.


    අමාත්‍යවරයා අද (03)පාර්ලිමේන්තුවේ දීමේ බව සඳහන් කළේ, අතිගරු ජනාධිපති ,අගමැති කාර්යාලය,උපරිමාධිකරණවල විනිශ්චයකාර වරු, ඇතුළු වැය ශීර්ෂ කීපයක් පිළිබඳව විවාදයට එක්වෙමිනි.

    මතක ඇති කාලයක ජනාධිපති වැය ශීර්ෂයක කතාකරනවා. පන්තිමය ව්‍යුහය බැලුවම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා, ඩී.බී විජේතුංග ජනාධිපතිතුමා  බිහි වෙන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. බණ්ඩාරනායක මැතිතුමා මේ රටට ගෙනාව සමාජ විප්ලවයතුළ, ටයි, කෝට් ගලවලා, රෙද්ද බැනියම ඇදලා, මේ රටේ පොදු මහජනතාවට මේ පාර්ලිමේන්තුවේ දොරවල් ඇරියා. බණ්ඩාරනායක මැතිතුමාගේ පක්ෂයෙන් තමයි මේ අය බිහිවන්නට තිබුණේ. එහෙත් එක්සත් ජතික පක්ෂයෙන් තමයි මේ කම්කරු පන්තිය නියෝජනය කළ අය පර්ලිමේන්තුවට ආවේ.


    බණ්ඩාරණායක මහතාගෙන් පසුව ශ්‍රිලනිපය පවුල් දේශපාලනයට ගියා.මේක තමයි ඉතිහාසය. මේ පවුල ඉවර වෙලා මැදමූලනෙන් තවත් පවුලක් ආවා.ශ්‍රිලනිපයට සිදු වූ අවුල වුනේ වසර ගණනාවක් තිස්සේ පවුල් දේශපාලනයට නතු විමයි.ගොවි පවුලකින් පැමිණි මෛත්‍රපාල සිරිසේන වැනි සරළ,අවිහිංසාවාදී අයකුට තිබෙන නොකැමැත්ත ඒකයි.


    මෙවැනි සරල ගොවි නායකයෙක් රජ ගෙදරට ආවේ ශ්‍රිලනිපයෙන් පළමුවරටයි. අද නොවෙයි ජනාධිපතිධූරයට එන්න තිබුණේ.මීට බොහොම කාලයකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්.

    ජනාධිපති වැය ශීර්ෂය 2014 වසරේ හිටපු ජනාධිපතිවරයාගේ පුනරාවර්ථන වියදම රුපියල් මිලියන 4602.8යි. මේ2015 අපේ ජනාධිපතිතුමාට වැය වුණේ,මිලියන 1724.2යි. 2014 ප්‍රාග්ධන වියදම මිලියන 5182.7යි.2015 මේ වසරේ මිලියන 842.2යි.

    මේ වෙනස ඒකයි.ජනාධිපති වෙනුවෙන් වෙන් කළ සියලු වියදම් අද විශාල ප්‍රමාණයන්ගෙන් අඩු වි තිබෙනවා.මේ තමයි පළමු වරට ජනාධිපතිවරයෙක් ව්‍යවස්ථා සංශෝධන ගේනවා ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙන්.තම පරමාධිපත්‍ය ආරක්ෂා කරගන්න නොවේ.එතුමා අධිකරණයට තිබූ මුක්තිය නැතිකර ගත්තා.මේ පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙක් වුණා.එදා ජනාධිපති මුක්තිය නැති කරන්න කියලා තරුණයෙක් ලෙස සටන් කළ පුද්ගලයෙක් වන මා අද වියපත් වී තමයි දිනා ගන්නට හැකි වුනේ.

    අතිපූජ්‍ය සෝභිත හිමියන්ගේ දේහය දෙස බලා ජනාධිපතිතුමා පොරොන්දු වුනා, විධායක ක්‍රමය අහෝසි කිරීමට කටයුතු
    කරනවා, පාර්ලිමේන්තු ක්‍රමය ලබාදෙනවා කිව්වා. අද අපි ජනාධිපතිවරයෙකු බිහි කළා.ඒ වටිනාකම තියෙනවා. මේ රටට ආදරය කරන ජනාධිපතිවරයෙකු බිහි කළා.සරළ අවිහිංසාවාදී පුද්ගලයකු ජනාධිපතිධූරයට පත් කළා.


    මෛත්‍රිපාල සේනානායක, ටී බී ඉලංගරත්න වැනි අයට එදා බලාපොරෙත්තුවූ දේ ලැබුනේ නැහැ. මේ ගෝත්‍ර දේශපාලනය
    නිසයි. පක්ෂ මාරු කළේ නැති අය ප්‍රතිපත්ති මාරු කළා. අපිට තිබුණ ගැටුම මේ ගෝත්‍රවාදයයි. ජතිවාදයෙන්, ආගම්වාදයෙන්
    අපි නිදහස් වෙලා.අපි ජනතාවාදී ජනාධිපතිවරයෙක් බිහි කළා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya