මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ඒකීයභාවය රැකිමට හැකි ලෙස ශක්තිමත් ව්‍යවස්ථාවක් අපි සැකසිය යුතුයි-අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

    දෙසැම්බර් 03, 2015

    රටේ ඒකීයභාවය රැකිමට හැකි ලෙස ශක්තිමත් ව්‍යවස්ථාවක් අපි සැකසිය යුතුයි. ජනාධිපතිතුමා බලය අතහැරිමට ගත් නිර්ලෝභී තීන්දුවට අපි ගරු කරනවා යැයි ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

     

    අමාත්‍යවරයා අද (03) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, අතිගරු ජනාධිපති ,අගමැති කාර්යාලය,උපරිමාධිකරණවල
    විනිශ්චයකාර වරු,ඇතුළු වැය ශීර්ෂ  පිළිබඳ විවාදයට එක්වෙමිනි.


    ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය විශාල වෙනසක් පෙන්වා තිබෙනවා. මීට පෙර තිබු දැවැන්ත වැය ශීර්ෂය වෙනුවට කුඩා වැය ශීර්ෂයක් වෙන් කිරිමෙන් එතුමාගේ චාම් බව පෙනෙනවා.අපි සතුටු වෙනවා එයට සහාය දීමට ලැබීම ගැන.ප්‍රජාතින්තුවාදය වඩාත් ස්ථාවර කිරිමට ජනාධිපතිතුමා විශාල වෙහෙසක් දරනවා.කැමති අයට අයවැයට ඡන්දය දෙන්නට, නොදි ඉන්නට සහ වැළකෙන්නට එතුමා ප්‍රජාතිනත්‍රවාදිව ඉඩ දුන්නා‍.

     

    ශ්‍රිලනිපයේ මෙලෙස සිදු වුනේ ප්‍රථම වරටයි. පක්ෂය රැක ගැනිමට එකුමා කරන කැපවිම දුර්වලතාවයක් නොවන බට අපි පිළිගත යුතුයි. ශ්‍රිලනිපය විධායක ජනාධීපතිධුරය ගැන පැහැදිලි මතයක් දැරුවා.එදා සිරිමාවෝ මැතිණියත් එම මතයේ සිටියා.එවැනි අය විවිධ දේ ඉදිරිපත් කරමින් මෙය පසෙක දැමුවා. ශ්‍රිලනිපයේ මන්ත්‍රිවරුන් විධායක ජනාධිපතිධුරයෙන් බැට කෑ අයයි. බලය අතහැරිමට එතුමා ගත් නිර්ලෝභී තීන්දුවට අපි ගරු කරනවා.

     

    රටේ ඒකිය භාවය රැකිමට හැකි ලෙස ශක්තිමත් ව්‍යවස්ථාවක් අපි සැකසිය යුතුයි. මේ පිළිබඳව මන්ත්‍රිවරුන්ටත් විශාල කාර්යභාරයක් පැවරෙනවා. ජනතා මතය පිළිබිඹු වන පාර්ලිමේන්තුවක් ඇති කිරිම අපේ වගකිමක්.රටට ගැළපෙන මැතිවරණ ක්‍රමයක් සැකසිය යුතුයි.

     

    ජාතින් අතර සමගිය සංහිදියාව අවශයයි. පරිපාලන ව්‍යුහය නිසි ලෙස මෙහෙයවිමේ හොඳ ක්‍රමවේදයක් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කළ යුතුයි. ස්වාධීන කොමිෂන් සභා නැතිව යහපාලනය ගේන්න බැරි වේවි.දැන් මේවා පත් කර තිබෙනවා. මේවාට පත්වු සාමාජිකයින් ස්වාධීනව කටයුතු කරන්නට ඕන. තවත් වසරකින් මේ බව විමසා බැලිය යුතුයැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya