මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණ අඳහස් දැක්වීම අගය කරනවා

    දෙසැම්බර් 03, 2015

     

    ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණ අඳහස් දැක්වීම අගය කරනවා.මේ රටේ ජනතාව, ජනවාරි අටවැනිදා අභ්‍යාවකාශගතකර තිබූජනධිපතිධූරය,විධායක බලය පාර්ලිමේන්තුගත කිරීමේ ජයග්‍රහණයක් ලෙස සළකන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

    මන්ත්‍රීවරයා,මේ බව සඳහන් කළේ අතිගරු ජනාධිපති ,අගමැති කාර්යාලය,උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු,ඇතුළු වැය ශීර්ෂ පිළිබඳ විවාදයට අද (03) පාර්ලිමේන්තුවේ දී එක්වෙමිනි.


    ජනාධිපතිතුමා තම වැය ශීර්ෂයේ දී  අඳහස් දැක්වීමෙන් අනතුරුව විපක්ෂයේ අඳහස් දැක්වීමට ලැබීම ගැන සතුටු වෙනවා.ජනාධිපතිවරයෙක් තමන්ගේ වැය ශීර්ෂයට පැමිණ අඳහස් දැක්වීම පිළිබඳව පසුගිය කාලයේ අත්දැකීම් නෑ. ජනාධිපතිතුමා පැමිණ අඳහස් දැක්වීම පිළිබඳව අගය කරනවා.මේ රටේ ජනතාව ජනවරි අටවැනිදා අභ්‍යාවකාශ ගතකර තිබූ ජනධිපතිධූරය,විධායක බලය පාර්ලිමේන්තුගත කිරීමේ ජයග්‍රහණයක් ලෙස සළකනවා.එය ජනතවගේ ජයග්‍රහණයක්. ජනතාවගේ ජයග්‍රහනයට සම්මාදම් වී තිබෙනවා.දේශපාලන වශයෙන් ඔබතුමාටත් එය තෘප්තිමත් අවස්ථාවක් ලෙස දකිනවා යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya