මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද තිබෙන්නේ ඉතාම බලවත් පාර්ලිමේන්තුවක්- අගමැති

    දෙසැම්බර් 03, 2015

    අද තිබෙන්නේ ඉතාම බලවත් පාර්ලිමේන්තුවක් කියලා කියන්න පුළුවන්.පාර්ලිමේන්තුවේ බලතල වැඩිකරලා,ජනවාරි අටවැනිදා අපි විප්ලවයක් කර තිබෙනවා.මෙවැනි වෙනස් වීමක් ආසියාවේ කිසිම පාර්ලිමේන්තුවක සිදුව නෑ. එයයි අපි ඇති කළ විප්ලවය යැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.


    අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අතිගරු ජනාධිපති ,අගමැති කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චයකාර වරු, ඇතුළු වැය ශීර්ෂ කීපයක් පිළිබඳව විවාදයට එක්වෙමිනි.


    අපිට තුනෙන් දෙකක් තිබුණේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපට එකතු වුණා. මේක බලවත් පාර්ලිමේන්තුවක් කරන්න. කවුරු හරි කියනවා නම්, මේක යු.එන්.පී. කියලා, තම පක්ෂයට ලැබිය යුතු ප්‍රසංශාව අපට ලබදීම පමණයි.

     

    අද තිබෙන්නේ ඉතාම බලවත් පාර්ලිමේන්තුවක් කියලා කියන්න පුළුවන්. මේක පටන් ගත්තේ ජනවරි අටවැනිදා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ගෙනාවා. එතුමා ප්‍රථමව කරල තියෙන්නේ,තමන්ගේ බලතල ඉවත් කිරීම.


    බොහෝ දෙනා කිව්වා විධායක ජනාධිපතිධූරය ඉවත් කරන්නේ නෑ කිව්ව. එතුමා අපි ඉදිරිපත් කළා, අපි යන්න පුළුවන් උපරිම 
    දුර තුනෙන් දෙකක් එක්ක දීලා තිබෙනවා.

     

    තවත් පියවර කීපයක් ගත්තා, පාර්ලිමේන්තුවේ අලුතින් ඇති කර තිබෙනවා,ව්‍යවස්ථාදායක සභාව ඇවිත් තිබෙනවා. ස්වාධීන අධිකරණ කොමිෂන් සභාව, ස්වාධීන පොලිස් කොමිෂන් සභාව, ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ස්වාධීන මානව හිමිකම් කොමිෂන් සභාව, ස්වාධීන මතිවරණ කොමිෂන් සභාව,ස්වාධීන විගණන සේවා කොමිෂන් සභාව,ස්වාධීන මුදල් කොමිෂන් සභාව,මේ ඔක්කෝම කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමට කරන්න බැරි වුණා.එකක්වත් පත් කළේ නෑ.

     

    17 වැනි සංශෝධනය අපි අතිකර කිව්වා වරමක් තිබෙනවා කිව්වා.අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ මේ වෙනස කරන්න හැකි වුණා.සියලු දෙනාම අප සමඟ එකතු වුණා.ව්‍යවස්ථාදායක සභාව මාර්ගයෙන් මේ වැඩකටයුතු කරමු කියලා ප්‍රකාශ කරනවා.පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කරනවා. අපි ලෑස්තියි ස්ථාවර නියෝග වෙනස් කරලා,අපි ලෑස්තියි මන්ත්‍රීවරය සිටිය යුතුයි කියන කරණයට එකඟ වෙන්න.

    මේ රටේ පාර්ලිමේන්තුවේ බලතල වැඩිකරනවා.කාරක සභා ක්‍රමය ඇති කරනවා. උපදේශක සභා වෙනුවට කාරකසභා ඇති 
    කරනවා.මේ කාරක සභා මාර්ගයෙන් අපිට හැකි වෙනවා මේ කටයුතු කිරීම සඳහා බලන්න.ප්‍රතිපත්ති තීරණය කරන්නේ පාර්ලිමේන්තුවයි.වසර පහකට වරක් ජනතාව වරමක් දෙනවා.


    මුදල් පාලනය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් ඇති කරනවා.මේ ඔක්කෝම යටකර තිබුණේ මුදල් අමාත්‍යාංශයටයි.ආරක්ෂක අමාත්‍යාංශයයි, මුදල් අමාත්‍යාංශයයි ඔක්කෝම අරගෙන පාර්ලිමේන්තුවට ක්‍රියාකරන්න ඉඩක් තිබුණේ නෑ.ව්‍යවස්ථාවේ කියනවා, පාර්ලිමේන්තුවටයි මූල්‍ය කටයුතු තිබෙන්නේ කියලා.රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාලනයත් මෙතැනට අයිති වී තිබෙනවා.

    ජනාධිපතිතුමාගේ බලතල අඩු කරලා,පාර්ලිමේන්තුවේ බලතල වැඩිකරලා,එකයි මෙතැන සිදු කර තිබෙන්නේ.ජනවාරි අටවැනිදා අපි විප්ලවයක් කර තිබෙනවා.මෙවැනි වෙනස් වීමක් ආසියාවේ කිසිම පාර්ලිමේන්තුවක සිදුව නෑ. එයයි අපි ඇති කළ විප්ලවය.අපි ලේ හැලුවේ නෑ, ජනවරමින් එය කළේ.

     

    ඊයේ කැබිනට් මණ්ඩලය තොරතුරු දැනගැනීමේ අයිතිය ගෙන එන කෙටුම්පත සම්මත කළා.දැන් ජනතාවට අවස්ථාව ලැබෙනවා,ඒ ගැන අඳහස් ප්‍රකාශ කරන්න.අපි සභාවෙන් සම්මත කරන්නම්. කාන්තාවන්ට පළාත් පාලන ආයතනවල සියයට 25%ක නියෝජනයක් ලබාදෙන නීති මෙතෙක් කල් කරල නෑ. අපි එයත් ඊයේ සම්මත කර ගත්තා.

     

    ප්‍රධාන නීති දෙකක් අපි ගෙනැල්ලා තිබෙනවා.ජාතික විගණන කෙටුම්පත සකස් කරගෙන යනවා. මේ රටේ දිස්ත්‍රික් සංවර්ධනය ශක්තිමත් කරන්න දිස්ත්‍රික්ක සංවර්ධන මණ්ඩල ඇති කිරීමේ අන්තිම කෙටුම්පත ස්වදේශ කටයුතු ඇමැතිතුමා සකස් කරගෙන යනවා. ග්‍රාම රාජ්‍ය කේන්ද්‍ර ඇති කරනවා. ගමේ සංවිධානයට බලය බාර දෙන්න.සෑම ග්‍රාමනිලධරී කොට්ඨාශයකටම ලක්ෂ 15ක් දෙනවා.ගමේ ආර්ථිකය දියුණු කරමු.ගිය වසරේ මුදල් වියදම් කළා, පාර්ලිමේන්තුවේ මුදල් බලය පැත්තකට දැම්මා.


    අපි දැන් සාකච්ඡා කරනවා මැතිවරණ ක්‍රමයේ සංශෝධනය පිළිබඳව. අලුත් ක්‍රමයක් ඉදිරිපත් කිරීම ගැන.එන සඳුදා සිට සාකච්ඡා කරනවා.එක පැත්තකින් අපි අනුපාත ක්‍රමයක් තියන්න ඕන,අනෙත් පැත්තෙන් කේවළ ක්‍රමයේ තමන් නියෝජනය කරන කොට්ඨාශ තියෙන්න ඕන.අපි ඉදිරියට යන්න ඕන කොහොමද ස්ථාවර ආණ්ඩුවක් හදන්නේ කියලා.ඒ ගැන සාකච්ඡා කර එකඟතාවයකට එන්න කියලා කියනවා.අපි කොට්ඨාශ ක්‍රමයට ආවාම,අපි වියදම් සීමා කරන්න ඕන.අලුත් අඳහස් එක්ක,අපි අලුත් යුගයකට යන්නේ.ඒකයි ජනාධිපතිතුමා එක්ක අපි සැවොම එකතු වෙල,ඉදිරියට යන්නේ.අපි එකට වැඩකරමු.අවුරුදු පහකින් පසු ජනතාව තීරණය කරයි.ඒකයි ජනතාව බලපොරොත්තු වන්නේ.මේක කරන්නේ අනාගත පරපුර වෙනුවෙන්.මේ රටේ තරුණයන් වෙනුවෙන්.

    ඒ සඳහා පහසුකම් දෙනවා.දැනට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල පාර්ලිමේන්තුවට ලබා දෙන්න තියෙනවා.අපිට 
    තියෙන්නේ එක මාළිඟාවයි. ඒ පාර්ලිමේන්තුවයි.වෙන මාළිඟා හදන්න වුවමනා නෑ.මන්ත්‍රීවරුන්ට වැඩකටයුතු කරන්න තව 
    පහසුකම් ලබාදෙන්න ඕන.මුදල් ලබාදෙන්න ඕන. ඒ මුදල් තියෙන්නේ කොහෙද කියලා ජනාධිපතිතුමා කිව්වා.ශතයක් වෙන 
    කොහෙන්වත් ගන්නේ නැතිව හොයලා දෙන්නම්.


    අපේ ඉතිරි කිරීම් නිසා පර්ලිමේන්තුවට සහන දෙන්න පුළුවන්. ජෙ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය දියුණු කරනවා.බටගොඩ ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කළා,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ ඒ ප්‍රශ්නය ගැන වාර්තා කරන්න. අනගතයේ මෙහෙම හැප්පීම් නවත්වන්න යෝජනා කර තිබෙනවා.

     

    වාහන තදබදයක් තිබෙනවා. ඒ ගැන ක්‍රියකරන්න,වාහන ගෙවීම අඩුකළේ.රජයේ සේවකයින්ට අවුරුදු 10කට සැරයක් වාහන ගේන්න අවස්ථාව දෙනවා.උපරිම වාහන බලපත්‍ර දෙකයි ලබාදෙන්නේ.සමහරු කිව්වා දීමන එපා කිව්වා.වසර පහකට වරක් දෙන්න කිව්වා. ඒක කරන්න බැරි වෙනවා.වාහන තදබදය විසඳන කම් පාලනය කරන්න වෙයි. සමහරු කියනවානම් අවුරුදු පහකට සැරයක් දෙන්න ඕන කියලා,ඒක කරන්න බැරි වෙනවා.මීට වඩා සහන කීපයක් රජයේ සේවකයන් වෙනුවෙන් සාකච්ඡා කරමින් යනවා.අපි ඒවත් යෝජනා කරන්නම්.

    ඉන්න අයටත් විශ්‍රාම වැටුප් ගෙවන්න බැරි තත්ත්වයකයි තියෙන්නේ.අපි ඇත්ත කතා කරමු.රජයේ සේවකයන් බඳවා 
    ගන්නකොට විශ්‍රාම වැටුප් ගෙවන්න පුළුවන් විය යුතුයි.ඒවා ගෙවන්න බැරි තත්ත්වයක තිබුණේ.සීග්‍රයෙන් ආර්ථිකය දියුණු 
    කරන්න තියෙන්නේ.එවිට මුදල් තිබෙනවා.මේ රටේ ආදායම ගියානම් විදේශ ණය ගෙවන්න,පඬි ගෙවන්න,විශ්‍රාම වැටුප් වලට 
    කොහෙද තියෙන්නේ.ඒකයි ආර්ථිකය ටිකෙන් ටික වෙනස් කරන්නේ.බිය වන්න එපා. අපි දෙන්නම් පහසුකම්.

    ලෝකයේ අනෙක් රටවල් වාගේ ක්‍රමාණුකූලව යමු.එතැනට අපි එන්න ඕන.රජයේ සේවකයන්ට සම්පූර්ණයෙන් ම සහයෝගය 
    දෙන්න ඕන කියලා කියලා අපි කියනවා.ඊළඟ අයවැයෙ දී මේ පාර්ලිමේන්තුව බලවත් පර්ලිමේන්තුවක් බවට පත් වී තියේවි 
    යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya