2015 උසස්පෙළ විභාගය සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2025ක් විශ්වවිද්‍යාලයන්හි තාක්ෂණවේදී උපාධිය හැදෑරීම සඳහා තෝරාගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
කතානයකවරයා ලෙස තමන්ට සිදු වූ තර්ජනය පිළිබඳව උසස් නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.
ඉන්දු- ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට ඉන්දියාව සමඟ රජය සාකච්ඡා කරමින් සිටින බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
පඩිපාලක සභා ආඥාපනත යටතේ නියෝගය අද (11) පාර්ලිමේන්තුවේදී විවදයට ගැනේ.