දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ධූරයේ වැඩ අරඹයි

    නොවැම්බර් 27, 2024

    සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය හංසක විජේමුණි මහතා ඊයේ (26) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සියධූරයේ වැඩ බාර ගන්නා ලදි‍.

    නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙකු පසුගියදා පත් කරනු ලැබූ අතර, එහිදී සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ‌ලෙස වෛද්‍ය හංසක විජේමුණි මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දුන්නේය.

    වැඩබාරගැනීමෙන් අනතුරුව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තමා පිළිබද විශ්වාසය තබමින් තමන් නියෝජ්‍ය අමාත්‍ය ධූරයකට පත් කළ රජය තමන්ගෙන් බලාපොරොත්තු වන සේවය හා කැපවීම උපරිමයෙන් ඉෂ්ඨ කිරීමට තමන් කැපවෙන බවයි.

    අමාත්‍යාංශයක සාම්ප්‍රධායික නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වෙනවාට වඩා මෙරට ජනතාවගේ සෞඛ්‍ය පිළිබදව හැගීමකින් යුතුව, අවබෝධයෙන් කටයුතු කරන, වගකියන නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙස සිය වගකීම ඉටු කරනු ඇතැයි රජය තමන්ගෙන් බලාපොරොත්තු වන බවත්, එහිදී සමහර කරුණූ වල දී සෞඛ්‍ය අමාත්‍යංශය විෂය පඨයෙන් එහා ගිය වගකීමක් ඉටු කිරීමට තමාට පැවරෙන බවත්, එම කාර්යයන් ඉටු කිරීමට තමා හදවතින්ම කැපවී සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය යනු රෝගීන්ට ඖෂධ ලබාදීමේ ආයතනයක් හෝ සෞඛ්‍ය සේවකයින් පාලනය කරන ආයතනයකට සීමා නොවන බවත්, රෝග වළක්වා ගැනීම, රෝග පාලනය, පෝෂණය හා සුරක්ෂිතතාවය, නිරෝගී ජනතාව රෝග වලට ගොදුරුවීමෙන් වළක්වා ගැනීම ආදී මූලික කරුණු වලට පමණක් සීමා නොවී පිරිසිදු පානීය ජලය ලබාදීම, හදිසි අනතුරු ඇතිවීම අවම කිරීම ආදී කරුණු රාශියක් පිළිබදව වගකීම් රැසක් ද පැවරෙන බවත්, එයින් නොනැවතී මහජනතාවගේ සෞඛ්‍ය පිළිබදව වගකියන විශාල වගකීම් රැසක් ඇති බව ද පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමා සමග එක්ව මෙම වගකීම් ඉතා සාධනීය අයුරින් ඉදිරියට ඉටු කිරීම සදහා තමන් බලාපොරොත්තු වන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙහිදී ජනමාධ්‍ය විෂය පිළිබදව අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා දැනට පවතින ජනමාධ්‍ය අමාත්‍යාංශය බොහෝ වර්ධනයන්ට පාත්‍ර වියයුතු බවත්, එමෙන්ම දියුණූ ප්‍රවේශයක් කරා යා යුතු බවත්, ඒ පිළිබදව අධ්‍යයනයන් සිදු කර තම රජය ප්‍රතිපත්ති ප්‍රකාශණ සකස් කර තිබෙන බැවින් එම ප්‍රතිපත්ති ප්‍රකාශණවලින් ඉදිරිපත් කර ඇති සැළසුම් වලට අනුකූලව වඩා දියුණු සහ වඩා මානව හිතවාදී මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපනය කිරීමට ගත යුතු සෑම පියවරක්ම ගැනීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩබාර ගැනීමේ මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් කේ.එම් වත්සලා ප්‍රියදර්ශනී මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya