දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    පවතින ආපදා තත්ත්වය යටතේ කටයුතු කිරීමට නිලධාරීන්ට උපදෙස්

    නොවැම්බර් 27, 2024

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන්‌ හා තාක්ෂණික නිලධාරීන්‌ සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බවට සඳහන් කරමින් කරමින් කෘෂිකර්ම, පශු සම්පත්‌, ඉඩම්‌ හා වාරිමාර්ග අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

    කෘෂිකර්ම, පශු සම්පත්‌, ඉඩම්‌ හා වාරිමාර්ග අමාත්‍යවරයාගේ උපදෙස් මත එම අමාත්‍යාංශයේ ලේකම්  ඩී.පී. වික්‍රමසිංහ මහතා මෙම නිවේදනය නිකුත් කර තිබේ.

    නිවාඩු ලබා සිටින එවැනි නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමටත්‌ මහවැලි අධිකාරියේ නිලධාරීන්ට තම ප්‍රදේශවල ආපදාවන්ට පත්‌ ජනතාවට සහන සැලසීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය සහය ලබා දෙන ලෙසටත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    අමාත්‍යාංශ මට්ටමින්‌ ලේකම්වරයාගේ ප්‍රධානන්වයෙන්‌ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්ගෙන්‌, මහවැලි අධ්‍යක්ෂ ජනරාල්ගෙන්‌ හා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගෙන්‌ සමන්චිත කමිටුවක්‌ මඟින්‌ පවතින තත්ත්වය නිරන්තර අධීක්ෂණයට සහ සමාලෝචනයට ලක්‌කර අවශ්‍ය පියවර කඩිනමින්‌ ගැනීමටත්‌,දැනට පිටාර ගලන ජලාශවලින්‌ පරාක්‍රම සමුද්‍රය හා රාජාංගණය වැව ආශ්‍රිතව ජීවත්‌වන ජනතාවට අවධානයෙන්‌ සිටින ලෙසටත්‌ එම නිවේදනයෙන් උපදෙස් ලබාදී ඇත.

    කෘෂිකර්ම, පශු සම්පත්‌, ඉඩම්‌ හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්  ඩී.පී. වික්‍රමසිංහ මහතා මෙම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ  ආපදාවට ලක්ව ඇති අක්කරෙයිපත්තුව හා නිල්වලා ගඟ ආශ්‍රිත පහත්‌ බිම්වල වෙසෙන ජනතාව කෙරෙහි අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට අදාළ ආයතන නිලධාරීන්‌ කඩිනමින්‌ කටයුතු කළ යුතු බවටත්‌ වර්ෂා තත්ත්වය මත ඉදිරියේද ආපදා හානියට පත්වන ප්‍රදේශ හඳුනාගෙන ජනතාව දැනුම්වත්‌ කිරීමට කටයුතු කරන ලෙසත්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya