අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
ආපදා තත්වයන් ඇතිවිය හැකි ප්‍රදේශ කලින් හඳුනාගත් බැවින් එම ප්‍රදේශවල පිහිටි විභාග මධ්‍යස්ථාන වෙත වැඩිපුර ප්‍රශ්න පත්‍ර නිකුත් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව ගැටලුවකින් තොරව අපේක්ෂයන්ට විභාගයට පෙනී සිටිය හැකි බැවින් ආපදාවට පත් ප්‍රදේශවල විභාග අපේක්ෂකයන් සියලු දෙනාට මෙවර විභාගයට පෙනී සිටින ලෙස අමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් කළේය.