දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    නිෂ්පාදිත දින වෙනස් කළ සහල් තොගයක් වටලයි

    නොවැම්බර් 26, 2024

    නිෂ්පාදිත දිනය හා ඊට අදාළ තොරතුරු වෙනස් කර ආනයනික සහල් තොගයක් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් ඊයේ (25) වැටලීමක් සිදු කරන තිබේ.

    එහිදී ඉන්දියාවේ නිෂ්පාදිත 25kg ඇසුරුම් වල අසුරා ඇති එම සහල් ඇසුරුම්වල නිෂ්පාදකයා සඳහන් කර තිබූ නිෂ්පාදිත දිනය 2022 ජනවාරි ලෙස සටහන්ව ඇති අතර නිෂ්පාදිත දිනයේ සිට වසරක් තුළ භාවිතා කිරීම කළයුතු බව එහි සඳහන් කර තිබියදී ලංකාවේ සහල් ආනයනය කර තිබූ ව්‍යාපාරිකයා විසින් එම අසුරනවල නිෂ්පාදිත දිනය වෙනස් කරමින් 2024 ජූනි ලෙස ඉදිරි දිනයක් යොදා වෙනත් ලේබලයක් සහිතව එම සහල් වෙළඳපලට නිකුත් කිරීමට කටයුතු කර තිබිණ.

    එමෙන්ම එම සහල් අසුරනවල මුද්‍රිතව තිබූ මිල ගණන් සහ බර ප්‍රමාණයන් ද ලේබල මගින් වෙනස් කර කොළඔ 14 ප්‍රදේශයේ ගබඩාවක් තුල රහසිගතව තබා ගනිමින් මෙම සහල් ඉදිරි උත්සව සමය තුළදී වෙළෙඳපළට බෙදාහැරීමට සැලසුම් කොට ඇති බව අනාවරණය වී ඇත.

    මෙම වැටලීමේදී නිෂ්පාදිත දිනය වෙනස්කල සහල් සහිත 25kg ඇසුරුම් 717ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගනු ලැබ ඇති අතර චූදිතයන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතය.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම උත්සව සමය තුළ, දිවයිනපුරා විශේෂ වැටලීම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට ඇති අතර එහිදී වෙළඳුන් සිදුකරන මෙවැනි වංචනික ක්‍රියා සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරනු ඇත.

    උත්සව සමය තුළදී ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් තොරතුරු වෙනස් කරන ලද භාණ්ඩ වෙළෙඳපළට නිකුත් කිරීම වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් තොග ගබඩා පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදු කරනු ලබන අතර භාණ්ඩ මිලදී ගැනීමේදී ඇසුරුමෙහි සඳහන් තොරතුරු පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, ඇසුරුමෙහි පවතින තොරතුරු කිසියම් වෙනසකට ලක්කොට ඇතිදැයි විමසිලිමත් වන ලෙසත් එවැනි භාණ්ඩ අලෙවි කරනු ලබන වෙළෙදුන් සම්බන්ධව තොරතුරු 1977 කෙටි දුරකථන අංකයට දන්වන ලෙසත් එම අධිකාරිය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya