අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තර්ජනය පිළිබඳව උසස් නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා- කතානායක

    පෙබරවාරි 11, 2016

    කතානයකවරයා ලෙස තමන්ට සිදු වූ තර්ජනය පිළිබඳව උසස් නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

     

    කතානායකවරයාට මරණ තර්ජන සිදු කළා යැයි කියන කාරණය සම්බන්ධව ගෙන තිබෙන පියවර කුමක්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා කළ විමසීමට පිළිතුරු ලබාදෙමින් කතානායකවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.


    කතානායකවරයාට මරණ තර්ජන එල්ල කළ බවට වන සිද්ධිය පාර්ලිමේන්තුවේ සැළකිය යුතු අවධනයක් යොමු විය යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

     

    කතානායකවරයාගේ අවධානය යොමු කරමින් අඳහස් දැක්වූ මන්ත්‍රීවරයා,පාර්ලිමේන්තුවේ විවාද තුළ එක් එක් අයට ස්ථාවරයන් දරන්න පුළුවන්.ඒ අනුව කතානායකතුඅමාට නිල ස්ථාවරය ප්‍රකාශ කළ හැකියි.එය තමන්ගේ ස්ථවරය නොවනවිට විවිධ ආකාරයෙන් බලපෑම් එනවානම්,මරණ බවට තර්ජනය කරනවානම්, එය ඉතාමත් භයානක තත්ත්වයක් බවද මන්ත්‍රීවරයා පැවසී ය.

     

     

    කතානායක කරූ ජයසූරිය මහතා - මේ කරුණ ඇසීම සම්බන්ධව ස්තූතිවන්ත වෙනවා.ඒ සම්බන්ධයෙන් මගේ ආරක්ෂක නිලධාරීන්ට ක්‍රියාත්මක වෙන්න කියා උපදෙස් ලබාදී තිබෙනවා. හෙට මේ පිළිබඳව උසස් නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

    දේශපාලනයේ දී අපහාස, තර්ජන, වෙඩි පහරවල්වලට මුහුණ දී තිබෙනවා.ඉන් සැලුණේ නෑ. ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දි යම් ක්‍රියාමාර්ගයක් ගන්නවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya