අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාක්ෂණවේදී උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2025ක්

    පෙබරවාරි 11, 2016

    2015 උසස්පෙළ විභාගය සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2025ක් විශ්වවිද්‍යාලයන්හි තාක්ෂණවේදී උපාධිය හැදෑරීම සඳහා තෝරාගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් අද (11) පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.


    දිවයින පුරා පාසල් 251ක උසස්පෙළ තාක්ෂණවේදය විෂයධාරව ආරම්භ කළ අතර 13,170ක්  වූ පළමු ශිෂ්‍ය කණ්ඩායම,2015 වසරේ අපොස උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටින ලදී.

     


    මෙම විෂයධාරාව හදාරා සාමාර්ථය ලබාඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2025ක් විශ්වවිද්‍යාලයන්හි තාක්ෂණවේදී උපාධිය හැදෑරීමසඳහා තෝරාගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා.

     

    විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලබන,එහෙත් විභාගය සමත් සිසුන් සඳහා අලුතින් ආරම්භ කළ රත්මලාන, කුලියාපිටිය, යාපනය, අනුරාධපුරය සහ මාතර යන විශ්වවිද්‍යාල විද්‍යාතන සඳහා එක් විද්‍යාතනයක් සඳහා සිසුන්600 බැගින් සිසු සිසුවියන් 3000කට උසස් තාක්ෂණ ඩිප්ලෝමාව ලබාදීමට ඉඩප්‍රස්ථාව ලබාදෙනවා. මේ වනවිට පාසල් 422ක තාක්ෂණවේදය විෂය්ධාරාව ක්‍රියාත්මක වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya