අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දායකත්වයක් සහිත විශ්‍රාම වැටුපක් හඳුන්වාදීමෙන් පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා වැඩි කරගත හැකියි

    පෙබරවාරි 11, 2016

    දායකත්වයක් සහිත විශ්‍රාම වැටුපක් හඳුන්වාදීම මඟින් පෞද්ගලික අංශයෙත් රැකියා අවස්ථා වැඩි කරගත හැකි බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පඩිපාලක සභා ආඥා පනත යටතේ නියෝගය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයේ අඳහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

     

    පඩි පාලක පනත ක්‍රියාත්මක කළ යුතුයි.තුට්ටු දෙකේ රැකියා වෙනුවට හොඳ රැකියා බිහිකිරීමට අප කටයුතු කරනවා. ලංකාවේ ශ්‍රම බලකායෙන් වැඩ කරන්න පුළුවන් කාන්තාවන්ගෙන් වැඩ කරන්නේ සියයට 34යි. වැඩකරන්න පුළුවන් පුරුෂයන්ගෙන් සියයට 75යි වැඩ කරන්නේ. වියට්නාමයයේ වැඩකරන්න පුළුවන් කාන්තාවන්ගෙන් සියයට 78ක් වැඩකරනවා.

     

    වැඩ කරන්න පුලුවන් අය  වැඩ කරන්නේ නැතිනම් අපි කොහොමද රට ඉහළට ගෙන යන්නේ. අද ‍වැඩ කරන මිනිසුන් නැහැ. රජයේ රැකියා බලමින් තමයි සියළු දෙනා බලාගෙන ඉන්නේ.එයයි යථාර්ථය.

     

    විශ්‍රාම වැටුප් දෙනවිට එය ඉදිරියට කරගෙන යන්න අමාරුයි. ඒ නිසා දායකත්වයක් සහිත විශ්‍රාම වැටුපක් හඳුන්වාදීම කරනවා නම් හොඳයි. එවිට පෞද්ගලික අංශයෙත් රැකියා අවස්ථා වැඩි කරගත හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya