අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රෝගය පවතින ප්‍රදේශවලට පානීය ජල ව්‍යාපෘති 39ක්

    පෙබරවාරි 13, 2016
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව, වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට, රුපියල් බිලියන 7ක වියදමින් ජල ව්‍යාපෘති 39ක් දිස්ත්‍රික් පහක ආරම්භ කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.
    එහි පළමු ජල ව්‍යාපෘතිය වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී  අද (13) වන සෙනසුරාදා උදෑසන 10.00 ටත්, දෙවන ව්‍යාපෘතිය එදින සවස 2.00ට හිඟුරක්ගොඩ කුමාරගමදීත්, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.
    ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ පුර නැඟුම වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya