යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අභියෝගය රජය සිය දෙඋර මත දරා සිටින මොහොතක, දේශපාලන බලපෑම් එල්ල වන අවස්ථා ඇත්නම් වහාම රජය දැනුවත් කරන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ පරික්ෂා කිරීමේ යාන්ත්‍රණය පිළිබඳව විවිධ පාර්ශවයන් කුමන ඉල්ලීම් කළත් අවසාන පිළිතුර දෙනු ලබන්නේ පාර්ලිමේන්තුව බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
සොයාගැනීමට නොහැකි වූ පුද්ගලයන් වෙනුවෙන් ''නුදුටු සහතිකයක්'' ලබාදීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
උතුරු නැගෙනහිර අතුරුදහන් වූ දෙමළ ජනතාවට මරණ සහතික ලබාදීම සම්බන්ධයෙන් විවාදයට ගැනෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (12) පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද්ධය පැවැති පසුගිය දශකතුනක පමණ කාලය තුළ විවිධ හේතූන් නිසා අතුරුදහන් වී ඇති පුද්ගලයන් මේ වනවිට ජීවතුන් අතර සිටී ද නැද්ද යන්න කඩිනමින් පරීක්ෂණ පවත්වා ඔවුන් ජීවතුන් අතර නොමැතිනම් ඔවුන් සඳහා මරණ සහතික ලබාදිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවට යෝජනා කරයි.