අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන ඇඟිලි ගැසීම් ඇත්නම් වහාම දැනුම් දෙන්න-මුදල් ඇමති

    පෙබරවාරි 13, 2016

    යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අභියෝගය රජය සිය දෙඋර මත දරා සිටින මොහොතක, දේශපාලන බලපෑම් එල්ල වන අවස්ථා ඇත්නම් වහාම රජය දැනුවත් කරන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    දුෂණයෙන් භීෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීමට දරණ වෑයමේ දී ජනතාව සතුව ද කිසියම් වගකීමක් පවතින බව ද අමාත්‍යවරයා පවසයි.

     

    බොරැල්ල, වනාතමුල්ල ශ්‍රී ධර්මාශ්‍රමාරාම විහාරස්ථානයේ දහම් පාසල් දරුවන්ට ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම සහ බැංකු පොත් ප්‍රදානය කිරීම වෙනුවෙන් පසුගිය දා පැවැති උත්සවයක දී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

    එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය රවී කරුණානායක මහතා,

     

    නැතිවී ගිය විනය යළි රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා. එදා වල්මත් වෙලා තිබුණ නීතිය අද ක්‍රියාත්මක කරන්න හැකි යුගයක අපි ඉන්නවා. ඉහළින් ආපු නියෝග මත පොලීසියට සියලු දේවල් නවතා දැමීමට එදා සිදු වුණා.

     

    අද එවැනි බලපෑමක් නැහැ. ඒ නිසා පොලීසියට තමන්ගේ කටයුතු විනිවිදභාවයක් ඇතිව කරන්න අවස්ථාව ලැබි තියෙනවා. ඒක වල්බූරු නිදහසක් නොවෙයි. දේශපාලන ඇඟිල ගැසීම් සම්පූර්ණයෙන් ම නැති කරගෙන යන යුගයකඅපි ඉන්නෙ. ඒ නිසා එවැනි සිදු වීම් තියෙනව නම් අපව වහා ම දැනුවත් කරන්න.

     

    අධ්‍යපානයට රුපියල් කෝටි 9800ක් වැඩිපුර වෙන් කර  තියෙනවා. එහෙම වෙන් කරල තියෙන්නෙ අප කතා කළ වෙනස රට තුළ ඇති කරන්නයි. ඒ නිසා මම මාපියන්ගෙන් ඉල්ලන්නේ පොඩි වෙලාවක් වෙන් කරන්න දරුවන් වෙනුවෙන්. මේ වාණිජකරණය හමුවේ දරුවන් ගැන සැළකිල්ල අඩු වෙන්න පුළුවන්. ඒ නිසා යහපත් අනාගත පරපුරක් වෙනුවෙන් පුජ්‍ය පක්ෂය, පොලීසිය වගේ ම දේශපාලන අධිකාරියත් මැදිහත් විය යුතු යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya