ගුරු උපදේශන සේවය ස්ථාපිත කිරීමට සියල්ල සැලසුම් කර තිබෙන බවත් වෙනම වැටුප් ක්‍රමයක්,සේවා ව්‍යවස්ථාවක් පිහිටුවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
ඉන්දීය ධීවර ගැටලුව සම්බන්ධයේ ඉන්දියාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරිය නවදිල්ලි නුවරට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත් ඉන්දීය මධ්‍යම රජය සමඟ සාකච්ඡා කඩිනමින් ආරම්භ කර මේ ගැටළුවට තිරසර විසඳුමක් ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
තැපැල් ලිපි හුවමාරුවේ කිසිම ප්‍රශ්නයක් සිදු වී නොමැති බවත් වහාම අදාළ ඇබෑර්තු පුරවන්නට අඳහස් කරන බවත් තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.අබ්දුල් හලීම් මහතා ප්‍රකාශ කරයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට මානව හා භෞතික සම්පත් ලබාදීමට කටයුතු කරන බවත් නවීන උපකරණ වෙනුවෙන් රුපියල් මිලියන 1975ක් ඇස්තමේන්තු කර තිබෙන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.