පාසල් ගුරු උපදේශක සේවයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා විසින් ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ දී පිළිතුරු කතාව කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා ඊයේ (12) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
ගුරු උපදේශන සේවයක් සඳහා පසුගිය කාලය පුරා ඉල්ලීම් ගණනාවක් ලැබී තිබුණු අතර එහෙත් නිසි පියවරක් ගෙන තිබුණේ නෑ. ගුරු උපදේශන සේවා සඳහා ජ්‍යේෂ්ඨත්වය,පළපුරුද්ද නොසළකා පසුගිය කාලයේ දේශපාලන හිතවත්කම්වලට ඉගෙනුම් ඉගැන්වීම්වලට සාර්ථකව සම්බන්ධ නොවුණ,විශාල පිරිසක් බඳවාගෙන තිබෙන බවට නිරීක්ෂණය වුණා. නිසි බඳවා ගැනීම් ක්‍රියාපටිපාටියකට අනුකූල නොමැතිව,පසුගිය කාල වකවානුවේ දීගුරු උපදේශකවරු බඳවාගෙන ඇති අතර සුදුසුකම් නොමැති විශාල පිරිසක් මේ සේවාවට පළාත් සභාවලින් පත් කර ඇති බව නිරීක්ෂණය වෙයි.
ගුරු අධ්‍යාපන සේවා සඳහා බඳවා ගන්නා නිලධාරීන් විධිමත් ක්‍රමයකට සුදුසුකම් පරික්ෂා කර එම සුදුසුකම් ඇති නිලධාරීන් පමණක් ප්‍රමාණවත්ය.
අප රජය බලයට පත් වූ පසු සේවාව ඇගයීමක් වශයෙන් ගුරු උපදේශන සේවාව පිහිටුවීම පිණිස අවශ්‍ය උපදෙස් මා විසින් නිලධාරීන්ට ලබාදුන්නා.මේ වනවිට ගුරු උපදේශන සේවය පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල සටහන මා අනුමත කර ඇති අතර, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද පසු ගුරු උපදේශන සේවය ස්ථාපිත කිරීමටසියල්ල සැලසුම් කොට තිබෙනවා.
ගුරු උපදේශන සේවයට විශේෂ වැටුප් ක්‍රමයක් සකස් කරනවා.සුදුසුකම් සහිත නිලධාරීන් පමණක් අන්තර්ග්‍රහනය කරනවා. වෙනම සේවා ව්‍යවස්ථාවක් ද කෙටුම්පත් කර තිබෙනවායැයි අමාත්‍යවරයා පැවසී ය.