මෙහිදි ඔවුන් නියෝජනය කරන ව්‍යාපාරවල පවතින ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිතුමාව දැනුවත් කෙරිණි.
තල් සහ පොල් ආශ‍්‍රිත නිෂ්පාදනවලට පනවා ඇති බදු හේතුවෙන් මුහුණ දීමට සිදුව ඇති ගැටළු පිළිබඳව මෙහිදි ජනාධිපතිතුමා දැනුවත් කළ ව්‍යාපාරිකයෝ, එම බදු පහත දමා සහන සලසා දෙන ලෙස ද ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.
තම ගැටළු ලිඛිතව ඉදිරිපත් කරන ලෙස මෙහිදී එම ව්‍යාපාරිකයින්ට දැන්වූ ජනාධිපතිතුමා අදාළ නිළධාරින් ගෙන්වා සාකච්ඡා කර එම ගැටළු විසඳීමට කඩිනම් පියවර ගන්නා බව ප‍්‍රකාශ කළේය.
ලබන ජූලි මස යාපනයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සමූපකාර දින උළෙල සදහා සහභාගී වන ලෙස උතුරු – වයඹ තල් සහ පොල් ආශ‍්‍රිත නිෂ්පාදන සමූපකාර සමිති සංගමය මෙහිදී ජනාධිපතිතුමා වෙත ආරාධනා කර සිටියේ ය.
එමෙන්ම කොළඹ වෙළඳ සංගමය විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.
අමාත්‍ය මනෝ ගනේෂන්, කොළඹ වෙළඳ සංගමයේ සභාපති අල්හාජ් වයි.එම්. ඊබ‍්‍රහිම්, එම සංගම් ලේකම් තවඥානසූරියම්, උතුරු – වයඹ තල් සහ පොල් ආශ‍්‍රිත නිෂ්පාදන සමූපකාර සමිති සංගමයේ සභාපති නාකන් කනේෂන්, සාමාන්‍යාධිකාරී පී. සෙල්වරාජා ඇතුළු ව්‍යාපාරිකයින් මෙම හමුවට ඒක්ව සිටියහ.
pmdnews