අද(28) විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විභාග කොමසාරිස්ජනරාල්වරයා මේ බව පැවසීය.
දෙසැම්බර් 4 වැනි දා සිට පෙර නිකුත් කළ කාලසටහනට අනුව විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඒ අනුව දෙසැම්බර් 4 වැනි දා පැවැත්වෙන්නේ, එම දිනට නියමිතව තිබූ විෂය යි.
විභාගය නොපැවැත්වෙන දිනවල යෙදී ඇති විෂයන් වෙනුවෙන් වෙනත් දින සහිත කාලසටහනක් හඳුන්වා දී ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.