දිවයිනේ ප්‍රජා සේවයට උනන්දුවක් දක්වන සමාජ සේවකයින් 500 දෙනෙකුට සාම විනිසුරු පදවි ලබා දීමේ නිල උත්සවය අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 16 වන දින පෙ.ව 9.00ට බුද්ධ ශාසන අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදි පැවැත්වෙන බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කරයි.
පොළොන්නරුව, වැලිකන්ද ගම්මානයේ ජනතාව සමඟ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානීය ජල ගැටළුව පිළිබඳ සාකච්ඡාවක් අද (12) උදෑසන 9.00ට වැලිකන්ද ගම්මානයේ දී පැවැත්වීමට නියමිතය.
වෙන් වෙන් පර්යන්ත ලෙස නොව එකම වරායක් ලෙස කොළඹ වරාය දියුණු කිරීමේ ව්‍යාපාරික සැලැස්මක් හඳුන්වා දෙන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
දායකත්වයක් සහිත විශ්‍රාම වැටුපක් හඳුන්වාදීම මඟින් පෞද්ගලික අංශයෙත් රැකියා අවස්ථා වැඩි කරගත හැකි බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.