අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාම විනිසුරුවරුන් 500 දෙනෙකුට පත්වීම් පිරිනැමේ

    පෙබරවාරි 13, 2016

    දිවයිනේ ප්‍රජා සේවයට උනන්දුවක් දක්වන සමාජ සේවකයින් 500 දෙනෙකුට සාම විනිසුරු පදවි ලබා දීමේ නිල උත්සවය අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 16 වන දින පෙ.ව 9.00ට බුද්ධ ශාසන අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදි පැවැත්වෙන බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කරයි.

    ප්‍රජා සේවයට ස්වේච්ඡාවෙන් දායක වී සිටින ප්‍රජා නායකයන් අතුරින් අධ්‍යාපන, වෘත්තීය හා වෙනත් සමාජ ක්‍රියාකාරකම් සැලකිල්ලට ගනිමින් ප්‍රජා සේවාවන් වලදී කාර්යක්ෂම සේවාවක් ඉටු කරනු ලබන සමාජ සේවකයන් හට ඔවුන්ගේ ප්‍රජා සේවාවන් තවදුරටත් ඉටු කිරීම සදහා නිල පිළිගැනීමක් ලබා දෙමින් අධිකරණ සංවිධාන පනතේ 45 වන වගන්තිය ප්‍රකාරව අධිකරණ අමාත්‍යවරයා සතු බලතල උපයෝගී කරගෙන ප්‍රජාවට සේවය කිරීම සදහා පිරිනමනු ලබන මෙම ගෞරවනීය තනතුර සමාජය යහමගට ගැනීම සදහා පිරිනැමෙන්නකි.

     

    නව පත්වීම් ලබන මෙම පිරිස දිවයිනේ සියළුම මැතිවරණ කොට්ඨාශ නියෝජනය වන පරිදී තෝරාගෙන ඇති අතර, මෙම ප්‍රජා නායකයින්ගේ සේවාවන් සැළකිල්ලට ගෙන ප්‍රාදේශීය අධිකරණ බල ප්‍රදේශ, දිස්ත්‍රික් හා මුළු දිවයිනටම යන වර්ගීකරණය යටතේ පත්විම් ලබා දෙන බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya