ධීවර හා ජලජ සම්පත් (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයකින් තොරව සංශෝධන සහිතව අද (12) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
ඉන්දියාවේ බැංගලෝර් හි දී අද (13) සහ හෙට (14) යන දෙදින තුළ පැවැත් වෙන ELECRAMA (ඉලෙක්රාමා) 2016 බලශක්ති ප්‍රදර්ශනය සහ හමුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ අජිත් පී. පෙරේරා මහතා සහභාගී වීමට නියමිතය.
පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක තහවුරුව සම්බන්ධ වාර්ෂික සමුළුව සහ 2015 වසරේ පාසල්වල ක්‍රියාත්මක කරනු ලැබූ විශිෂ්ඨ ව්‍යවහාර ඇගයීමේ වැඩසටහනේ සම්මාන ප්රදානය පෙබරවාරි 15 දින පැවැත්වෙයි.
2016 වසරේ රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට නයිගල පුරාණ රාජ මහා විහාරස්ථානයේදි පැවැත්වෙන පැවැත්වෙන බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි.