නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය වෙසක් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් හම්බන්තොටදි

    පෙබරවාරි 13, 2016

    2016 වසරේ රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට නයිගල පුරාණ රාජ මහා විහාරස්ථානයේදි පැවැත්වෙන පැවැත්වෙන බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි.

    මැයි මස 2 1සහ 22 වන දින රාජ්‍ය වෙසක් උත්සවය පැවැත් වේ.ඒ පිළිබදව විශේෂ සාකච්ඡාවක් පසුගිය දා අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යාංශයේදි පැවැත්විණි.

     

    ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන කාල සීමාව වෙසක් සතිය යනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර බුද්ධශාසන අමාත්‍යාංශයේදි පැවති සාකච්ඡාව සදහා පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නයිගල රාජමහා විහාරාධිපති පුජ්‍ය මුරැතවෙල සුමන නායක ස්වාමින් වහන්සේලා මෙන්ම අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන මහින්ද අමරවීර දිලිප් වෙදආරචිචි හා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya