අපි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා මූලික පදනමක් සකස් කර තිබෙනවා.අපේ අවසාන අරමුණ විය යුත්තේ ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය සංචාරක කර්මාන්තයක් ලෙස ස්ථානගත කිරීමයි. සංවර්ධනයට තිබෙන සියලු බාධක අපි ඉවත් කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කරයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝගයක් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික අවම වේතනය පිළිබඳව සහ සේවකයන්ගේ අයවැය සහන දීමනාව පිළිබඳව පනත් කෙටුම්පත් දෙකක් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක කරූ ජයසූරිය මහතා විසින් අද (10) පාර්ලිමේන්තුවට දන්වා සිටියේ ය.