පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාවක් ප්‍රථම වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සළසා දීම අද (10) සිට ආරම්භ විය.
හිටපු ජනාධිපති දිවංගත ගරු. ඩී. බී. විජේතුංග මහතාගේ අලේඛ්‍ය චිත්‍රයක් නිරාවරණය කිරීමේ උත්සවය හෙට (පෙබරවාරි මස 11) වැනි දින පෙ.ව. 11.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
නැගෙනහිර,උතුරු මැද සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කාන්තාවන්ට විශාල අවස්ථාවක් ලබාදීම පළාත් පාලන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පතින් යෝජනා කරන බවත් ඉන් කාන්තාවන්ට වැඩිපුර දේශපාලනයේ නියැලෙන්න ඉඩ සළසා දෙන බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පවසයි.