කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා විසින් පඩිපාලක සභා ආඥාපනත යටතේ නියෝගය සභාවට ඉදිරිපත් කළේ ය.
1941 අංක 27 දරණ පඩිපාලක ආඥා පනත යටතේ පඩිපාලක සභාවලට සහභගී වන සමජිකයන්ට රැස්වීමකට සහභාගීවීම වෙනුවෙන් ගෙවන මුදල වැඩිකළ යුතුයි.රජයේ නිලධාරීන් නොවන අය සඳහා ගෙවූ රුපියල් 500ක මුදල රුපියල් 2000දක්වාද, රජයේ නිලධාරීන්,සේව්‍ය අංශය සඳහා ගෙවූ මුදල රුපියල් 400 මුදල රුපියල් 1500 දක්වා ද වැඩි කළ යුතු බවද පඩිපාලක සභාව පුළුල් විය යුතු බවද අමාත්‍යවරයා නියෝගය ඉදිරිපත් කරමින් පැවසී ය.