මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නවා

    පෙබරවාරි 11, 2016

    නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් ඉදිරි පියවර මේ වනවිට ගනිමින් සිටින බවත් අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න මහතා පවසයි.

    අමාත්‍යවරයා,අද (11) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    නව හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල බිලියන 08ක් බව සඳහන් කළ අමාත්‍යවරයා,වයස අවුරුදු 18 ඉක්මවූ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට හැඳුනුම්පතක් ලබාදීමට මෙම ක්‍රමය යටතේ හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

    තවද නව හැඳුනුම්පත සඳහා ජනතාවගෙන් මුදලක් අයකරගන්නා බවද අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya