මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලය නිසා දේශපාලනඥයා විනාශ නොවිය යුතුයි

    පෙබරවාරි 11, 2016

    බලය නිසා දේශපාලනඥයා දුෂණය වීම අද ලෝක දේශපාලනය තුළ මෙන්ම ජාතික දේශපාලනය තුළ පොදු ලක්ෂණයක් වුව ද බලය නිසා විනාශ නොවී බලය රටේත්, ජනතාවගේත් යහපත උදෙසා යෙදවීම දේශපාලනඥයින්ගේ වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ හිටපු ජනාධිපති දිවංගත ඞී.බී. විජේතුංග මැතිතුමාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් අද (11) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී නිරාවරණය කරමිනි.

     

    බලය විසින් දේශපාලනඥයින්ගේ වටිනාකම් විනාශ කර දමන යුගයක හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මැතිතුමා ආදර්ශමත් නායකයෙකු බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

     

    බලය රටේ සහ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් මිස තම බලය වැඩිකර ගැනීමට භාවිතා නොකළ එතුමන් සැබෑ පරමාදර්ශී නායකයෙකු බව ද පැවසූ ජනාධිපතිතුමා සියලු දේශපාලන චරිත පිළිබඳ විමසා බැලීමේදී එදා මෙන්ම අදත්, හෙටත් ඩී.බී. විජේතුංග මැතිතුමාගේ දේශපාලන ජීවිතයෙන් ලබාගත හැකි ආදර්ශයන් බොහෝ බව ද කියා සිටියේ ය.

     

    මහා සංඝරත්නයද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසුරිය, විපක්ෂනායක ආර්. සම්බන්දන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන්ද, හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාගේ දියණිය ඇතුළු පවුලේ ඥාතීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya