බුදු හිමි තෙමඟුල නිමිතිකරගෙන සංවිධානය කරනු ලබන පුංචි දඹදිව වෙසක් කලාපය අද (21) සහ හෙට (22)පැවැත්වෙන බව රත්ගඟ පුංcඉ දඹදිව ශ්‍රී ගංගාරාම අසූමහ ශ්‍රාවක බුදුරජ මහා විහරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය දෙවිපහල දේවමිත්ත නායකස්වාමින් වහන්සේ පවසයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සූර්ය බලයෙන් විදුලිය සැපයීම පිළිබඳව පසුගිය දා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානය යොමුව තිබේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා විසින් මෙම යෝජනාව කාරකසභාව වෙත යොමු කර ඇත.
ආපදා තත්ත්වය හමුවේ තම දරුවන් පිළිබඳව විමසිලිමත් වන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
වෙසක් පොහොය දිනය වෙනුවෙන් රටපුරා ආමිෂ හා ප්‍රතිපත්ති පූජා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙයි. දිවයිනේ තිබෙන වෙහෙරවිහාර ආශ්‍රිතව බෞද්ධ සැදැහැවත් පිරිස් අද උදැසනින්ම සිල් සමාදම් වීම සඳහා විහාරස්ථාන වෙත ගොස් සිටියේ ය.