තාවකාලික අංක තහඩු භාවිතා කිරීම 2024 දෙසැම්බර් මස 15න් පසු අවසන් කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, මේ වනතෙක් අංක තහඩු ලබා නොගත් අයෙකු වේ නම් 2024 දෙසැම්බර් මස 15ට පෙර ලබා ගන්නා ලෙසත්, මෙතෙක් නිකුත් කර තිබූ තාවකාලික අංක තහඩු සමඟ ධාවනයට ලබා දී තිබු අවසර පත්‍රයද දෙසැම්බර් 15 න අවසන් වන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එම මාධ්‍ය නිවේදනය මෙසේය.