අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවට සූර්ය බලයෙන් විදුලිය

    මැයි 21, 2016

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සූර්ය බලයෙන් විදුලිය සැපයීම පිළිබඳව පසුගිය දා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානය යොමුව තිබේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා විසින් මෙම යෝජනාව කාරකසභාව වෙත යොමු කර ඇත.

     

    මේ වනවිට රටතුළ අතිව තිබෙන හදිසි ආපදා තත්ත්වය පිළිබඳවද එම අවස්ථාවේ දී සාකච්ඡා වූ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ,අනාගතයේ දී මුහුණදීමට සිදුවන බලශක්ති අර්බුදයට මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම මඟින් විශේෂ ප්‍රතිලාභ රැසක් අත්වන බවයි.

     

    ඒ අනුව විදුලිය උත්පාදනය කිරීමට අදාළ සූර්ය පැනල දියවන්නාවේ ස්ථාපිත කර පාර්ලිමේන්තු සංකීර්ණයට විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගනීම සඳහා අවධානය යොමු වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya