දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

    නොවැම්බර් 29, 2024

    තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ කඩුලු 100 සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ඊයේ(28) සමත් විය.

    දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී දෙවන දිනය වූ ඊයේ දිනයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු Tony de Zorziගේ කඩුල්ල දවා ගැනීමත් සමගින් ප්‍රභාත් ජයසූරිය සිය ටෙස්ට් කඩුලු සියයේ සීමවට ලඟා වීමයට හැකි විය.

    ඒ සඳහා ඔහු ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරඟ 17කට පමණක් වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් කඩුලු 100 වාර්තා කළ පන්දු යවන්නා ලෙසට ද ඔහු ඉතිහාසයට එක්වුණි.

    එමෙන්ම ඔහු ලෝකටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම කඩුලු 100 දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වීමටද සමත් විය.

    එංගලන්තය නියෝජනය කළ ජෝර්ජ් ඇල්ෆ්‍රඩ් ලෝමන් ටෙස්ට් තරඟ 16කදී කඩුලු 100ක් දවා ගනිමින් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම කඩුලු 100 දවාගත් පන්දු යවන්නා ලෙස තවමත් පළමු ස්ථානයේ රැඳී සිටිනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya