දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

    නොවැම්බර් 29, 2024

    නිරිත දිග බෙංගාල බොක්කමුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 28 වැනි දින රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240 ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරයසිට කිලෝමීටර් 290 පමණ නැගෙනහිරදෙසින් පිහිටා තිබුණි. එය වයඹ දෙසට ගමන් කරමින් තමිල්නාඩු වෙරළට දක්වාගමන් කිරීමට වැඩි හැකියාවක්ඇත. අද (29)දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලපොරත්තුවේ.

    දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.
    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    උතුරු, උතුරුමැද,වයඹ, නැගෙනහිර, මධ්‍යම සහදකුණුපළාත්වල විටින් විට හමන පැ.කි.මී. 60 ක පමණ තද සුළං ඇතිවිය හැක.
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya