කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍යය ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සම්මන්ත්‍රණය කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ - Shangri - La හෝටලයේ දී පැවැත්විණි.
“Climate Change and Occupational Safety and Health at Work Place” යන්න මෙවර සම්මන්ත්‍රණයේ තේමාව වූ අතර සම්මන්ත්‍රණය සඳහා දෙස් විදෙස් ප්රවිණ දේශකයන් රැසක් සහභාගි වූහ. මෙම සම්මන්ත්‍රණය සඳහා සේව්‍ය පාර්ශවය නියෝජනය කරමින් ව්‍යාපාර සහ කර්මාන්ත කළමණාරුවන් හා වෘත්තීය සුරක්ෂිතතා නිලධාරින් 500ක පමණ පිරිසක් ද සහභාගී වී සිටියහ.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම් පියතිස්ස, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින බාර අධ්යක්ෂ ජොනී සිම්ප්සන් (Ms. Joni Simpson), අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලාල් සමරසේකර, කම්කරු කොමසාරිස් ජනරාල් අශෝක ජයසුන්දර සහ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍යය ආයතනයේ අධ්යක්ෂ ජනරාල් චම්පිකා අමරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.