නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විපතට පත් ජනතාවට තරාතිරම නොබලා නිවාස ඉදිකිරීමට  පූරණ සහාය ලබාදෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන වෙත පැමිණෙන්නැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ගං වතුර හේතුවෙන් විපතට පත් වූ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,ආපදා තත්ත්වය පිළිබඳ අද (20) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.


    බිය වීමට අවශ්‍ය නෑ. නිවාස සඳහා ආරක්ෂාව ලබාදෙනවා. දිගු කාලීන හා කෙටි කාලීන සහන ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. මුදල් අමාත්‍යාංශය අවශ්‍ය මුදල් ලබාදී තිබෙනවා. මේ වනවිට ආරක්ෂිත ස්ථාන 594ක සමාජිකයන් තුන් ලක්ෂ හයදාස් හයසිය හැත්තෑ තුනක් සිටිනවා.පවුල් 61382ක් ආරක්ෂිතව සිටිනවා.

    ආරක්ෂක හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා.දරුණුම ගංවතුර තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.මේ වනවිට ප්‍රාදේශ ලේකම් කොට්ඨාශ 219ක් බලපෑමට ලක්වෙලා.පවුල් 98,075ක් ආපදවට ලක්වෙලා.ආපදාවට ලක්වූ සංඛ්‍යාව මේ වනවිට 4,14,677ක් බවද අමාත්‍යවරයා පැවසී ය.

    ආපදා හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඊයේ දිනය වනවිට රුපියල් මිලියන 1588ක් වියදම් කර තිබෙන බවත් අවශ්‍ය මුදල් කිසිවක් අඩු නොකර ලබාදීමට කටයුතු කර තිබෙන බවත්  මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසි ය.

    අවතැන් ජනතාවට පිරිසිදු පානිය ජලය ලබාදීමට අතිරේක පියවර ගැනීමට අදාළ අංශ සඳහා උපදෙස් මේ වනවිටත් ලබාදී ඇති බවත් පානීය ජය ලබාදීමට පියවර ගෙන තිබෙන බවත් නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya