මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැබිනට් තීරණ

    2017.03.14 වැනි දින රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.

    2017.02.28 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.

    2017.02.21 වැනි දින රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.

    මෙතනින් බලන්න

     

     

    2017 -2-14 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

    2017.02.07 වැනි දින රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.

    2017.01.31 වැනි දින රැස්වූ අමාත්‍ය මණ්ඩල එළැඹි තීරණ පහත සඳහන් වේ.

    2017.01.24 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.

    තුවක්කු ආඥාපනත සංශෝධනය කිරීම 
     
    රට තුළ නීතිය හා සාමය ආරක්ෂා වන පරිදි ගිනි අවි භාවිත කිරීම‍, කෘෂිකාර්මික වගාවන් හා අනෙකුත් දේපළ ආරක්ෂා කිරීම සඳහා ගිනි අවි නිකුත් කිරීමේදී හා ගිනි අවි භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද සංශෝධනය කිරීම සහ පොදු ස්ථානවල ගිනි අවි භාවිතා කිරීම තහනම් කිරීම ඇතුළු කාලනුරූපී අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි 1916 අංක 33 දරන තුවක්කු ආඥාපනත සංශෝධනය කිරීම අවශ්‍ය බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා පත් කරනු ලැබ ඇති නිලධාරි කමිටුවේ නිර්දේශ පරිදි එකී ආඥාපනතට සිදු කළ යුතු සංශෝධන කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    2017.01.10 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් වේ.

    2017.01.03 වැනි දින පැවැත් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් පරිදි වේ.

    2016.12.20 වැනි දින පැවැත් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීඞ එළැඹුණු තීරණ පහත සඳහන් වේ.

    2016.12.13 වැනි දින රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.

    2016.12.06 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් වේ.

    2016.11.29 වැනි දින පැවැත් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු  තීරණ පහත සඳහන් වේ.

    2016.11.22 වැනි දින පැවැත් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු  තීරණ පහත සඳහන් වේ.

    ශ්‍රී ලංකාව හා බෙලරූස් ජනරජය අතර උදර්පණ ගිවිසුම
     
    අපරාධ වැළැක්වීමේදී සහ පාලනය කිරීමේදී දෙරට අතර වඩාත් ඵලදායී සහයෝගිතාවක් ඇති කරගැනීම සහ චූදිතයින්/වරදකරුවන් අදාළ රටට යැවීම සම්බන්ධයෙන් දෙරට අතර සබඳතාවලට පහසුකම් සැලසීමේ අරමුණින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා බෙලරූස් ජනරජය අතර උදර්පණය පිළිබඳ ගිවිසුමකට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
    අඩු ආදායම්ලාභී සහ මැදි ආදායම්ලාභී නිවාස හිමිකම් වැඩසටහන සඳහා මහා භාණ්ඩාගාරයෙහි විශේෂ කාර්ය ඒකකයක් පිහිටුවීම
     
    අඩු ආදායම්ලාභී පවුල් සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස හිමිකාරිත්වය ලබා දීමේ රජයේ වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 120,000ක් ද, මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 500,000ක් ද වශයෙන් සමස්ත නිවාස 620,000ක් 2019 වර්ෂය වන විට ඉදිකිරීමට අපේක්ෂිතය. මෙම වැඩසටහනට ජාතික ප්‍රමුඛතාවක් ලබා දෙමින් ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් කඩිනමින් ලබාගැනීම, අදාළ ඉඩම් වෙන් කරගැනීම සහ ව්‍යාපෘතිය නියමිත කාල රාමු තුළ ඉටු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් මහා භාණ්ඩාගාරය යටතේ විශේෂ කාර්ය ඒකකයක් (Special Purposes Vehicle-SPV) පිහිටුවීම පිණිස අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
    රාජ්‍ය ආයතනවල පොදුවේ භාවිත වන අයිතමයන් මිල දී ගැනීම සඳහා ස්වාධීන මධ්‍යගත ප්‍රසම්පාදන ආයතනයක් පිහිටුවීම
     
    රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ සිදු වන අනවශ්‍ය ප්‍රමාදයන් හා නාස්තිය අවම කරගැනීමටත්, මහා පරිමාණ වශයෙන් ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමේදී ලැබෙන වාසියත්, භාණ්ඩවල ගුණාත්මකභාවය, මිලට සරිලන වටිනාකම ලබාගැනීම ආදී කරුණු ද සැලකිල්ලට ගෙන රජයේ ආයතනවලට පොදුවේ අවශ්‍ය වන භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා ස්වාධීන මධ්‍යගත ප්‍රසම්පාදන ආයතනයක් ඇති කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, ප්‍රසම්පාදන කටයුතුවලට අදාළ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණතාවක් සහිත සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන මධ්‍යගත ප්‍රසම්පාදන ආයතනයක් පිහිටුවීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya