අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝලීය උණුසුමේ බලපෑම් ඉතා දරුණුයි - එක්සත් ජාතීන්ගේ වාර්තාවක්

    මාර්තු 31, 2014

    ගෝලීය උණුසුමේ බලපෑම් ඉතා දරුණු, පැතිර පවතින සහ නැවත සකස් කර නොහැකි තත්ත්වයක් විය හැකියැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් අනතුරු අඟවා ඇත.  මෙය ලෝකයේ කාලගුණික වෙනස්කම්වල බලපෑම් පිළිබඳ මේ දක්වා සිදු කරන ලද සවිස්තරාත්මක ඇගයීමක් ලෙස ජපානයේදි රැස්වී සිටින විද්‍යාඥයෝ සහ නිලධාරීහු පිරිසක් පැවසූහ.  දේශගුණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක සාමාජිකයින් වන ඔවුහු දේශගුණික වෙනස්කම් නිසා ඇතිවන තත්ත්වයන් පිළිබඳ එමගින් සාක්ෂි ඉදිරිපත් කරන බව පෙන්වා දෙති.  උෂ්ණත්වය ඉහළ යාම නිසා අපගේ සෞඛ්‍යයට, පවුල්වලට, ආහාර සහ සුරක්ෂිතතාවයට තර්ජනයක් වීමට ඉඩ ඇතැයි එහි දැක්වේ.

     

     

    දේශගුණික වෙනස්වීම් පිළිබඳ අන්තර් ආණ්ඩු කණ්ඩායම ඉදිරිපත් කරන වාර්තා මාලාවක දෙවැන්න මෙයයි.  එමගින් ගෝලීය උණුසුම්වීමට බලපාන හේතු, එහි ප්‍රතිඵල සහ විසඳුම් ඉදිරිපත් කෙරේ. දේශගුණික වෙනස්කම්වල බලපෑමෙන් මිහිමත කිසිවෙකු නිදහස් නොවන බව මෙම කණ්ඩායමේ සභාපති රාජේන්ද්‍ර පචව්රි පැවසීය.  ඉදිරි වසර 20 -  30 තුළ ස්වභාවික පද්ධතියට විශාල වශයෙන් කෙටිකාලීනව සිදුවන බලපෑම් පිළිබඳ විස්තර මෙම වාර්තාවේ දැක්වෙයි.

     

    SP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya