අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය - ඉන්දියාව අවසන් පූර්ව වටයට

    මාර්තු 31, 2014
    විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 10 වටයේ තරග 3ක් ජයගනිමින් දෙවැනි කොටසින් අවසන් පූර්ව වටයට පිවිස සිටින ඉන්දියාව ඊයේ (30) ඔස්ට්‍රේලියාව සමග මීර්පූර්හිදී පැවැති තරගයෙන්ද ලකුණු 73කින් ජය හිමිකර ගත්තේය. ඒ අනූව මෙවර ලෝක කුසලාන තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට ඉන්දියාව පත්ව ඇත.
     
    තරගයේ වීරයා වු රවිචන්ද්‍රන් අශ්වින් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ඔස්ට්‍රේලියානු පිලට රැස්කරගත හැකි වූයේ ලකුණු 86ක් පමණි. ඉන්දියාව පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 160ක් රැස් කළේය. ඔස්ට්‍රේලියානු ඉනිම බිඳ දැමු රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 11කට කඩුලු 4ක් දවාගත් අතර අමිත් මිෂ්රා කඩුලු 2ක් දවාගත්තේය.
     
    ඉන්දියාව වෙනුවෙන් යුවරාජ් සිං පන්දු 43කින් ලකුණු 60ක් රැස්කළ අතර නායක මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 24ක් රැස් කළේය. දෙදෙනා එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 66ක සබඳතාවක් ගොඩනැගූහ. විරාට් කෝලි ලකුණු 23කට දැවී ගියේය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya