මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජිනීවා යෝජනාවලියට එරෙහිව මහනුවර මුස්ලිම් ජනතාව විරෝධය දක්වති

    මාර්තු 31, 2014

    ජිනීවා සමුළුවේදී ඇමරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කර ගත් යෝජනාව පිළිබඳ තම විරෝධය පළ කරන බවත් එයට මහනුවර දිස්ත්‍රික්කයේ බහුතර මුස්ලිම් ජනතාව බලවත් විරෝධතාව ප්‍රකාශ කරන බවත් මහනුවර දිස්ත්‍රික්කයේ ජමෙයිතුල් උලමා සංවිධානය ප්‍රකාශ කර සිටී.


    ඒ පිළිබඳ විරෝධය ප්‍රකාශ කරමින් එම සංවිධානයේ සාමාජිකයින් පිරිසක් අද මහනුවර දිසාපති එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා හමුවේ සංදේශයක්ද භාර දෙන ලදී. අදාළ සංදේශය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටි ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කරන විදේශ මැදිහත් වීමද තමන් පිළිකුළින් හෙළා දකින බවද ප්‍රකාශ කරන ලදී.

     

    මෙහිදී අදහස් දැක්වූ මහනුවර දිසාපතිවරයා රට වෙනුවෙන් පෙරමුණ ගෙන පැමිණී මෙම ජනතාවට ස්තුතිය පළ කරන බවත් අදාළ සංදේශය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කරන බවත් ඔවුන් වෙත දැනුම් දෙන ලදී. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන මවුලවි අල්හාජ් සස්රූල් අහමඩ් රහුමාන් පූජකතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම නියෝජිතයන් පැමිණෙන ලදී.


    TA/NDH_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya