යුක්රේනයට හමුදා යැවීමේ අදහසක් නැතැයි රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලවිරොව් මහතා පවසා ඇත.මේ අතර යුක්රේනයේ අන්තර්වාර පාලකයෝ මැයි මස 25 දා මහා මැතිවරණය පැවැත්වීමේ විධිවිධාන යොදමින් සිටිති.
sP
යුක්රේනය ගැන සාකච්ඡා කිරීමට ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අද පැරීසියේදී රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලවිරොව් මහතා හමුවෙයි. ඇමරිකානු රාජ්‍ය ලේකම් මැදපෙරදිග සිට ආපසු සියරට බලා යමින් සිටියදී හදිසියේම මෙම තීරණය ගෙන පැරීසිය බලා ගොස් සිටී.මීට පෙර රුසියන් ජනාධිපති වැලදිමීර් පුටින් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සමඟ දීර්ග දුරකථන සාකච්ඡාවක නිරත විය. මෙම අවස්ථාවේ ඇමරිකානු නායකයා අවධානය යොමු කර ඇත්තේ ක්‍රිමියා දේශසීමාවේ රුසියානු හමුදා ස්ථානගත කිරීම නතර කිරීම සහ ඉවත් කර ගැනීම කෙරෙහිය.
යුක්රේනයට හමුදා යැවීමේ අදහසක් නැතැයි රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලවිරොව් මහතා පවසා ඇත.මේ අතර යුක්රේනයේ අන්තර්වාර පාලකයෝ මැයි මස 25 දා මහා මැතිවරණය පැවැත්වීමේ විධිවිධාන යොදමින් සිටිති.
sP