මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනමෙන් වැඩිහිටියන්ට මෙන්ම ළමයින්ට ප්‍රතිලාභ

    මාර්තු 28, 2014

    ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය නීති මගින් තහනම් කිරිමෙන් වැඩිහිටියන්ට මෙන්ම ළමයින්ට ප්‍රතිලාභ අත්වී ඇතැයි යුරෝපයේ පර්යේෂකයෝ පිරිසක් පවසති.අඩුමාසයෙන් සිදුවන දරු උපත් සහ ළමයින් ඇදුම රෝගයට ගොදුරුවීම වසරකදී 10% කින් අඩුවී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.මෙම පර්යේෂකයන් කණ්ඩායම උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ මීට පෙර කර තිබූ අධ්‍යයන 11ක් විශ්ලේෂණය කොට ඇත. ඒ අනුව දුම් පානය තහනම් කිරීමෙන් වැඩිහිටියන්ට මෙන්ම ළමයින්ට ප්‍රතිලාභ අත්වී ඇතැයි ප්‍රසව සහ නාරිවේද වෛද්‍ය රාජකීය විද්‍යාලය පවසයි.

     

     

    එම විද්‍යාලයේ මහාචාර්ය රොනී ලැමොන්ට් පවසන්නේ ගරිභනී කාන්තාවන් දුම් පානයේ යෙදීම කලලයේ වර්ධනයට ඉතාමත් අහිතකර බවයි.එහෙයින් එවන් කාන්තාවන් අවදානම ගැන දැනුවත් කොට මෙම පුරුද්දෙන් මිදීමට දිරිගැන්වීම අත්‍යවශ්‍ය බවද ඔහු පවසයි.

     


    SP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya