මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Tour de Sri Lanka Youth පාපැදි සවාරිය අප්‍රේල් 02 සිට 06 දක්වා

    මාර්තු 27, 2014

    2014 ලෝක තරුණ සමුළුවට සමගාමීව පැවැත්වෙන Tour de Sri Lanka Youth - 2014 පාපැදි සවාරිය අප්‍රේල් 02 සිට 06 දින දක්වා යාපනය නගරයෙන් ගමන් ආරම්භ කොට මහරගම තරුණ සේවා සභාව අසලින් අවසන් කෙරේ.


    මේ පාපැදි සවාරිය අදියර 05කින් සමන්විත වේ. මෙහි සම්පූර්ණ දුර කිලෝ මීටර් 708.5කි. පළමු අදියර යාපනය සිට වව්නියාව දක්වා කිලෝ මීටර් 140.5කින් සමන්විත වන අතර එම තරගය අප්‍රේල් 02 දින පෙරවරු 8.30ට යාපනය, දුරේඅප්පා ක්‍රීඩාංගණය ඉදිරිපිටින් ආරම්භ වේ.

    දෙවන අදියර මැදවච්චිය සිට වාරියපොළ දක්වා වන අතර එහි දුර කිලෝ මීටර් 119.8කි. එය අප්‍රේල් 03 දින පෙරවරු 8.30ට මැදවච්චියෙන් ආරම්භ වේ. තෙවන අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 04 දින පෙරවරු 8.30ට කුරුණෑගල සමුපකාර බැංකුව ඉදිරිපිටිනි. එය කුරුණෑගල සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන අතර දුර කිලෝ මීටර් 143.7කි.


    සිව්වන අදියර රත්නපුර සිට මාතර දක්වා දුර කිලෝ මීටර් 145කින් සමන්විත වේ. අප්‍රේල් 05 දින පෙරවරු 8.30ට රත්නපුර නගර සභාව ඉදිරිපිටින් මේ තරගය ආරම්භ වේ.


    අප්‍රේල් 06 දින පැවැත්වෙන පස්වන අදියරේදී මාතර සිට මහරගම දක්වා තරගය පැවැත්වෙන අතර එහි දුර කිලෝ මීටර් 160කින් සමන්විතයි. එම තරගය ආරම්භ වන්නේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය අසළින් වන අතර මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිටින් පාපැදි සවාරිය අවසන් කෙරේ.

    ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හා ජාත්‍යන්තර (U.C.I) නීතිරීති හා රෙගුලාසි, තාක්ෂණික මාර්ගෝපදේශයේ සඳහන් විශේෂ නීතිරීතිවලට අනුව මේ තරග පවත්වනු ඇත. මේ සඳහා පාපැදි සම්මේලනයට අනුබද්ධිත පාපැදි සමාජවලට අයත් 2014 වසරට බලපත්‍ර හිමි වයස අවුරුදු 23න් පහළ හා සුපිරි වර්ගීකරණයන්ට අයත් පිරිමි පාපැදි ක්‍රීඩකයන්ට ඉදිරිපත් විය හැකිය. එක් පාපැදි සමාජයකට අවම වශයෙන් ක්‍රීඩකයන් 04ක් හෝ 06 බැගින් යුත් උපරිම කණ්ඩායම් 03ක් පමණක් ඉදිරිපත් කළ හැකිවේ.

    මෙම තරගය ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරයි. මෙම සමස්ත තරගයේ ප්‍රථම ස්ථානය සඳහා රුපියල් ලක්ෂ 5ක් ද දෙවැනි ස්ථානය සඳහා රුපියල් ලක්ෂ 3ක් හා තෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂ 2ක ත්‍යාග මුදල් පිරිනමයි. සිව්වන ස්ථානයට රුපියල් ලක්ෂ 01ක් ද පස්වන ස්ථානය සඳහා රුපියල් 75,000ක්, හයවන ස්ථානයට රුපියල් 50,000ක් හත්වන ස්ථානයේ සිට දස වන ස්ථානය දක්වා රුපියල් 20,000 බැගින් ද ත්‍යාග මුදල් පිරිනැමීමට සංවිධායක කමිටුව කටයුතු කරයි.

    සමස්ත තරගයේ කණ්ඩායම් ශූරතාව සඳහා රුපියල් 75,000ක් ද අනුශූරතාව සඳහා රුපියල් 50,000ක් ද පිරිනමන අතර සම්ත තරගාවලියේ යොවුන් ක්‍රීඩකයා සඳහා රුපියල් 50,000ක් ද පිරිනැමීමට නියමිතයෙ. සමස්ත තරගයේ කඳු ශූරයාට රුපියල් 15,000ක් ද සමස්ත තරගයේ ස්ප්‍රින්ට් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන සඳහා පිළිවෙළින් රුපියල් 12,500, රුපියල් 7500, රුපියල් 5000 බැගින් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇත. එක් එක් අදියර ජයග්‍රහණයේදී ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන හිමි කර ගන්නා ජයග්‍රාහකයන්ට රුපියල් 10,000, රුපියල් 7500 හා රුපියල් 5000 බැගින් මුදල් ත්‍යාග පිරිනමනු ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya