විශේෂයෙන් උතුරුකරේ මුහුණ දෙන දැඩි පානීය ජල සහ ජල ප්‍රශ්නය විසඳීම සඳහා, The River to Japna යන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉංජිනේරුවන් හා අදාළ ආයතන සමග සාකච්ඡා කරමින් සිටින බවත්, සමස්තයක් ලෙස ජල ප්‍රශ්නය සඳහා අපේ උරුමය අනුව කටයුතු කිරීමට සාකච්ඡා කරමින් සිටින බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී (08 දින ) ප්‍රකාශ කළේය.
පවතින ආර්ථික වාතාවරණය තුළ වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් සේවකයන්ට ලබා දිය හැකි උපරිම සහන දීමට රජය කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය හදුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය High Density Cropping System භාවිතා කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ගොවි තරුණයෙක් විසින් මිරිස් වගා කර මේ වනවිට ඉහළ ආදායමක් උපයා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා වන විභාගය, 2023 දෙසැම්බර් මුල් සතියේ පවත්වන බවට, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ යැයි, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී (08 දින) ප්‍රකාශ කළේ ය.