යෝජනාවට අදාළ ඡන්ද විමසීම ප.ව. 5.30 ට
'' ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම සඳහා වන ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන යෝජනා සම්මතය අනුව විවාදය අද (09) පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව වැඩබලන පාර්ලිමේන්තු මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.
ආබාධිත පුරවැසියන් තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු නැහැ – සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල්.
මෙරට අධිකරණ පද්ධතිය ස්වාධීනව කටයුතු කරගෙන යාමට තිබෙන අවස්ථාව තහවුරු කිරීම සඳහා ,''අධිකරණයට, විනිශ්චය අධිකාරයට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත'' අදට අවශ්‍ය පනත් කෙටුම්පතක් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මතයි