මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක් වූ අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ:
අධිකරණයට, විනිශ්චය අධිකාරයට හෝ ආයතනයක ගෞරව හා අධිකාරි අලය ආරක්ෂා කිරීම පිණිසත් යථා පරිදි යුක්තිය පසිඳලීම ආරක්ෂා කිරීම පිණිසත් අධිකරණ විධාන වලට අනුව ක්‍රියා කිරීම සහතික කිරීම පිණිසත් අධිකරණයට, විනිශ්චය අධිකාරයට හෝ ආයතනයක ඵලදායිතාව හා අපක්ෂපාතීත්වය තහවුරු කිරීම හා පවත්වාගෙන යෑමත් අඳහස් ප්‍රකාශ කිරීම හා සාධරණ විවේචනයේ අයිතිය අධිකරණ විධාන සමඟ අනුකූලව ක්‍රියා කිරීම අතර තුලනයක් ඇති කිරීමත් අධිකරණයට, විනිශ්චය අධිකාරයට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ විෂය පථය නිශ්චිතව දැක්වීම සහ නීතී නිසි ක්‍රියාවලිය අනුගමනය කිරීම සහ එයට ගරු කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ලෙස මෙය ඉදිරිපත් කර තිබෙන බව අමාත්‍යවරයා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවය.
විවාදයේ තවදුරටත් අඳහස් දැක්වූ අධිකරණ අමාත්‍යවරයා;
මෙම පනත් කෙටුම් පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියාචනයට ලක් වුණා. එම අභියෝගයට ලක් වූ කරුණ හැර අනෙක් සංශෝධන ඉදිරිපත් කරනවා. කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ වගේම සමාජයේත් මෙම පනත පිළිබඳ කතාබහට ලක් වුණා. සමහර කාරණ සම්බන්ධව අධිකරණයෙන් ලබා දුන් නඩු තීන්දු ප්‍රමාණවත් නැතැයි කතා බහ වුණා. ඒ කාරණය සම්බන්ධයෙනුත් මෙහිදී අවධානයට ලක් කර තිබෙනවා. අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නිෂ්චිත නිර්වචනයක් ඇතුළත් නොවීම ගැටළු සහගත තත්වයක් වුණා. මෙය කාලයක් තිස්සේ සාකච්ඡාවට ලක් වූ පනත් කෙටුම්පතක්.ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ජාතික ජල ශාස්ත්‍රීය පනත සම්බන්ධයෙන්ද අධිකරණ අමාත්‍යවරයා පැහැදිළි කළේය.
අපේ රටේ මුහුදු සීමාවේ, වසරෙකට නැව් 35,000ක් පමණ යාත්‍රා කරනවා. එලෙස යාත්‍රා කරන සෑම නෞකාවක්ම අපේ රටේ මුහුදු සීමාව භාවිතා කරනවද ගාස්තුවක් ගෙවන්න ඕන. එය ජාත්‍යන්තර මුහුදේ පිළිගත් නීතියක්. අපේ රටේ මුහුදු සීමාව පසු කර යද්දි මුහුදු සීමාව සළකුණු කළ සිතියම් 17ක් පසුකරගෙන යන්න ඕන.එවිට මුහුදේ මැප් එක මිලදී ගන්න ඕන. මෙම සිතියම් විකුණන්නේ ඩිජිටල් ක්‍රමයට. එකක් ඩොලර් 25යි. එම සිතියම් අපි නිර්මාණය කළ යුතුයි.
මෙම සිතියම් හදල විකිණීමේ කාර්යය භර දීල තිබෙන්නේ නාරා ආයතනයට. මෙම සිතියම් හදල විකුණන්නේ විදෙස් සමාගමකින්. මෙම මුදල් යන්නේ එම විදෙස් සමාගම්වලට. අපි මේ සම්බන්ධයෙන් නාරා ආයතනයෙන් ප්‍රශ්න කළා. එම ආයතනයට වෘත්තීය සුදුසුකම් තිබෙන අය නැහැ. අනෙක් අතින් එම තාක්ෂණය නැහැ. අපි අමාත්‍ය අනු කමිටුවක් පත් කරලා මේ පිළිබඳව අධ්‍යනය කළා. අපි අද දූෂණය ගැන කතා කළා.මේ සම්බන්ධයෙන් අපි නව පනත් කෙටුම්පතක් හැදුවා.
අපි හැදුවේ නව ජල ශ්‍රාස්ත්‍රීය කාර්යාලයක් හදන්න. නාරා ආයතනය දන්නව මෙයින් අලාභයක් සිදු වන බව. සෘජු අලාභ වගේම රටක් වශයෙන් වක්‍ර අලාභයකුතමෙයින් සිදු වෙනවා. මෙම සිතියම් ලබා ගද්දි විදෙස් නැව් සමාගම් බලනව එම සිතියමේ කාල සීමාව. නැව් වලට රක්ෂණ වාරිකය ගෙවද්දි එම සිතියම ඇන්ද කාල සීමාව බලනව. මුහුදු පතුලේ යම් යම් වෙනස්කම් සිදු වී තිබෙනවාද කියා බලනවා.
පරණ සිතියමක් නම් බොහෝ විට එම රක්ෂණ වාරිකය වැඩි කරනවා.ලංකාවට බඩු ගෙනෙන සමාගමක් නම් එම රක්ෂණ වාරිකය සඳහා වැඩිපුර ගෙවන මුදල පාරිභෝගිකයාගේ භාණ්ඩ වලට තමයි එකතු වෙන්නේ.මුළු රටේම ආර්ථිකයට බලපාන කාරණයක්. නමුත් නාරා ආයතනය චෝදනා කරනවා මෙය ඔවුන්ගෙන් අරගෙන නාවික හමුදාවට දෙන්න යනවා කියලා. නමුත් වසරකට රුපියල් බිලියන 65ක් විතර පාඩු සිදුවෙනවා නම් මොකක්ද අපි කරන්න ඕන.ඒ නිසා නව පනතක් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙම පනතට විරුද්ධ වෙන්න කිසිම හේතුවක් නැහැ''යැයි පැවසීය