මඩකලපු දිස්ත්‍රික්කයේ රෝහල් වල තිබෙන වෛද්‍ය හිඟය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රජපුත්තිරන් රාසමාණික්කම් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,
සෑම පක්ෂයකින්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන , වෛද්‍ය වෘත්තියේ නියැළි ,මන්ත්‍රීවරු 10 දෙනෙක් ඉන්නවා. අද උදෑසන එම වෛද්‍යවරු කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡාවක් පැවැත් වූවා.ඊට අමතරව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමගත් සාකච්ඡාවක් පැවැත් වෙනවා.
එළඹෙන අයවැයේ දී දිය හැකි උපරිම සාධාරණය සෞඛ්‍ය වෘත්තිකයින් වෙනුවෙන් ඉටු කරන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය. උතුරු නැගෙනහිර ප්‍රදේශවල රෝහල් 20කට ආසන්න ප්‍රමාණයක් වැසී යාම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බවද හෙතෙම සඳහන් කළේය.