මෙරට තේ වගාව සඳහා අවශ්‍ය පොහොර නිෂ්පාදන මිලටම ලබා දීමට රජයට අයත් පොහොර සමාගම් දෙක එකඟතාවය පළ කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති විදේශ අරමුදල් මත ක්‍රියාත්මක සියලු ව්‍යාපෘතිවල මුදල් පරිහරණය හා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳව විශේෂ විමර්ශණයක් සිදු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් ලබා දී තිබේ.
යුරියා ඇතුලු අනෙකුත් පොහොරවල හිඟයක් පවතින බවට ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයින් සිදු කරන ප්‍රකාශ සමහර මාධ්‍ය ඔස්සේ විකාශය වුවත් කිසිදු පොහොර හිඟයක් නොමැති බව කෘෂිකර්ම හා වැවිලි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා අවශ්‍ය මඩ පොහොර හිඟ බවට ඇතැම් මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අවධාරණය කරයි.