මාතර නගර සැලැස්ම ගැන යෝජනා කීපයක් ආවා.ගාල්ල, මාතර නගර දෙකම ගැන කතා කරලා,ගත යුතු පියවර සාකච්ඡා කළා යැයි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පහ වසර ශිෂ්‍යත්වයට මුහුණදුන් දරුවන්ට අසාධාරණයක් වී නොමැති බවත් ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් ඇති වී ඇති ගැටළුව සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණය ගැනීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා පවසයි.
රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් ඒකාබද්ධව අනාගත තිරසර සංවර්ධනයට වැඩකටයුතු කිරීම ඉතාම වැදගත් බවත් ග්‍රාමීය ආර්ථිකය තිරසාර මට්ටමකට ළඟා කර ගැනීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන බවත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කරයි.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.